Friday, March 9, 2018

ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි...

අතීතයේ සිට ලෝකයේ විවිධ සථාන වල ජීවත් වන මිනිසුන් තම අදහස් එකිනෙකා සමඟ හුවමාරු කර ගැනීමට භාෂාව නමින් ක්‍රමෝපායක් බිහි කරගන්නා ලදී..මේ භාෂාව බිහි වන්නේ ඒ ඒ මිනිසා ජීවත් වන පරිසරය මත බව හොඳින් දන්නා ඔබ ලොකයේ විවිධ ස්ථාන ඇසුරු කරගෙන විවිධ කාල වල විවිධ භාෂාවන් බිහි වීම ගැන පුදුම විය යුතු නැත.. කලබල විය යුතුත් නැත.

එසේම එක් භාෂාවක් අනිත් භාශාවකට වඩා උතුම් වන්නේ ද නැත.. භාෂාවක මූලික සහ එකම පරමාර්ථය වන්නේ නිවැරදි නොකැඩෙන ද්වීපාර්ශවීය සන්නිවේදනයක් ඇති කර ගැනීම පමණි.. විවිධාකරයේ මිනිසුන් ජීවත් වන (හැම තප්පරයේම බිහි වන) මේ ලෝකයේ හැම මිනිසෙකුටම සතුටින් සැහැල්ලුවෙන් ජීවිත් විය හැකි සමාජයක් හදා ගැනීමට අත්‍යාවශය කරන "අවබෝධය" ලබා ගැනීම මිස භාෂාවකින් ඇති වෙන වැඩක් නැත..

ඒ අවබෝධය නොලැබෙන විට නම් ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි.



කිසියම් සිදුවීමකදි අවට පරිසරයෙන් එකතු කරගත් තොරතුරු අපේ මොළය තුල ක්‍රියාත්මක වන පියවර 4ක්..

  • Perceive - පළවෙනි පියවර අවට පරිසරය ගැන අවබෝධයක් ලබා ගැනීම. මේ පියවර අති සාර්ථක වෙන්න නම් ඔබට හිමි වෙන්න ඕන සියුම් දැනීම් පද්ධතියක් උපතින්ම.
  • Recall - පරණ මතකයන් සහ අත්දැකීම් එක්ක අවබෝධ කරගත් නව සිදුවීම සන්සන්ඳය කීරිම.
  • Plan - ඇතිවුනු වෙනසට මුහුණ දීමට ශරිරය (වගේම මනසත්) සුදානම් කිරිම.
  • Perform - ක්‍රියාත්මක වීම.

මේ පියවර 4න් භායනකම සහ වැදගත්ම පියවර තමයි දෙවෙනි පියවර.. ඒ ඇයි කියලා කියන්න ඕන නෑ මම හිතන්නේ...


ප.ලි.: ලංකාවෙන්  පිට රටවල සිටින දරුවන්ගේ දරුවන් බැලීමට එන දෙමාපියන් "අනේ පුතේ, ඉංග්‍රිසි නම් දරුවා  කොහොමත් ඉගෙන ගන්නවානේ.. සිංහල ටික තමයි රැක ගන්න ඕන" කියලා කියද්දි ඒ ඇයි කියලා අහන්න, වාදයකට නොගිහින් තම තමන්ගේ මතය කතා කරල භාෂාවක් ඕන වෙන්නේ ඇයි කියන දේ වටහගන්න පුලුවන් නම්..

ඒ වගේම මේ දරුවන් වැඩිහිටියන් වන දින ලෝකේ කුමන රට තම ජීවිතය ගත කරන්න තෝරා ගනීවිද කියාත් නොදන්නා වර්තමාන අපි ඒ ගැන වද වීම නිරර්ථක බවත් වටහා ගනී නම්, 

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.