Thursday, March 8, 2018

රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද....

ඔබේ දියණිය පුතෙක් ලෙසත් ඔබේ පුතා දියණියක් ලෙසත් හැසිරෙන්න හිතුවොත් එයට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේ ද..ටිකකට නැවතිලා හිතන්න දියණියක් සහ පුතෙක් මෙන්න මේ වගේ හැසිරෙන්න ඕන කියලා රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද,ඒ රාමුව හැදුනේ කොහොමද කා අතින් ද..

මට මෙහෙම හිතුනේ පුතා එක්කන් ගිය එක soccer class එකක හිටපු පුංචි දරුවෙකුයි එයාගේ අම්මයි දැකල.. ඒ පුංචි දරුවට තමන්ව ඇතුලතින් දැනෙන විදිහට බාහිර ස්වරූපය තියා ගන්න ඒ අම්මා ඉඩ දීල තිබුනේ සිය කැමැත්තෙන්..
එතකොට අර කලින් කතා කල රාමුව ඇතුලේ ඒ අම්මයි දරුවයි කොහොම ද ස්ථානගත වෙන්නේ කියන එක ගැන හිතද්දි මට හිතුනේ රාමුවක් නොතිබුනා නම් කියා, ගැහැනියට පිරිමියාට නියමිත හැඩයක් තිබිය යුතුම ද , තියෙන්න ඕන නම් ඒ ඇයි ? 

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.