Sunday, March 4, 2018

මිනිස්සු ඉගෙන ගන්නේ ඇයි...

මගේ පුතා එක එක කාලේට එක එක විදිහේ ප්‍රශ්න අහන ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට තාර්කික ප්‍රශ්න හරි උත්තර හරි දීල අපිව හිතන්න පොළබවන්න හරි දක්ෂයෙක්.. දවසක් අහනවා ඇයි අපි ඉස්කෝල යන්නේ කියලා.. ඉගෙන ගන්න කිව්වම අහනවා ඇයි ඉගෙන ගන්නේ කියලා..

ඇත්තටම ඇයි අපි ඉගෙන ගන්නේ... මොනවද අපි ඉගෙන ගන්න ඕන.. ඉගෙන ගත්ත මිනිසෙක් මොන වගේ වෙන්න ඕන ද.. පිටතින් වගේම ඇතුලතින්.. ඉගෙන ගත්ත මිනිසෙක් වඩාත් සාමකාමී වෙන්න ඕනද එහෙමත් නැත්නම් වඩාක් කලහකාරි වෙන්න ඕන ද..

ඉගෙන ගත්ත මිනිසෙක් ආදරණීය වෙන්න ඕන ද අන් අයට නැත්නම් සමාජය ගැන වෛරයකින් වැඩ කරන කෙනෙක් විය යුතුද.. 

ඉගෙන ගත් මිනිසෙක් අන්  අයගේ අදහස් වලට ඉඩ දෙන්නෙක් විය යුතුද ඉඩ නොදෙන්නෙක් විය යුතුද 

ඉගෙන ගත් මිනිසෙක් තම ජිවිතයේ නරක අත්දැකීම් වලින් හමු වෙන සියලු මිනිසුන් දකින්න පෙළබීම ද කරන්න ඕන, එහෙමත් නැත්නම් තම දැනුම මෙහෙයවා නරක අත්දැකීම් ලැබූ මනස සුවපත් කරගෙන නව දැක්මකින් හමුවන මිනිසුන් දෙස බැලීම ද සුදුසු

ඉගෙන ගත් මිනිසෙක් උදව් කරන්න ඕන තමන්ට උදව් කල හා කරන අයට පමණක් ද නැත්නම් උදව් අවැසි ඕනම තැනකදි තමන්ට කිසිම දෙයක් නොලැබීත් උදව් කිරිමද වෙන්න ඕන..

ඉගෙන ගත් මිනිසෙක් වහලෙක් මෙන් තෝරා ගත් එක මිනිස් කාණඩයක් වෙනුවෙන් පෙනී සිටීමද වෙන්න ඕන එහෙමත් නැත්නම් පොදුවේ මුලු මිනිස් වර්ගයා වෙනුවෙන් පෙනි සිටිමද වෙන්න ඕන

ඉගෙන ගත් මිනිසෙක් තවත් මිනිසෙක් අතින් වන වැරදි අඩු පාඩු පුනා පුනා කියමින් සමාජයේ සැරිසැරීමද වෙන්න ඕන.. ඒ වැරදි අඩු පාඩු නිවැරදි කරන්න ක්‍රමෝපායන් තම දැනුම මෙහෙයවා සමාජය පුරා අස්සක් මුල්ලක් නැර වැපිරීමද කල යුත්තේ..

ඔය ඔක්කෝටම කලින් මම හිතන්නේ අපි හිතන්න ඕන මොකද්ද ඉගෙන ගන්නවා කියන්නේ... අතීතය පුරා තවත් අය සොයාගත් දැනුම කටපාඩම් කරමින් තමන්ගේ වටහා ගැනීම  එළියට දැමීම ද ඉගෙනීම කියන්නේ.. ඇත්තටම ඔබට හිතෙන්නේ අපි ඇයි ඉගෙන ගන්න ඕන...

මෙහෙම ඉගෙන ගන්න ඕන ඇයි කියලා අහලා අපි දෙන දෙන උත්තරේට හිනා වෙලා තවත් ප්‍රශ්නයක් අහන පුතෙක් තමා මට ඉන්නේ...

2 comments:

  1. //ඉගෙන ගත් මිනිසෙක් අන් අයගේ අදහස් වලට ඉඩ දෙන්නෙක් විය යුතුද ඉඩ නොදෙන්නෙක් විය යුතුද //

    ඉගෙන ගත් මිනිස්සු අන් අයගේ අදහස් වලට ඉඩ දෙන්නෙ නැ නේද

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔබේ කියවීම ඉගෙන ගත් මිනිසුන් ගැන..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.