Saturday, September 30, 2017

කාටවත් දොස් කියල තේරුමක් තියනවද ....


කෙනෙක් ජිවිතය නැති කර ගන්න තරම් මානසිකව වැටෙන්නේ, මොන තරම් දේවල් ලඟ තිබුනත් ජීවිතය කලුම කලු පාට වෙලා පේන්නේ කාගෙවත් වරදින් නෙමේ... සමාජයක ජීවත් වෙද්දි ඒ ඒ පුද්ගලයට මුහුණ දෙන්න සිදුවන  සිදුවීම් වලට  එක එක පුද්ගලයාගේ දරා ගැනිමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ වගේම එකම සිදුවීම උනත් දෙදෙනෙක් අර්ථකතනය කරගන්න විදිහ දෙවිදිහක්.. ඒ සඳහා බලපානවා ප්‍රධාන වශයෙන්ම කෙනෙක් කුඩා කල හැදුනු වැඩුනු පරිසරය, දෙමාපිය සම්බන්ධතා, ඇසුරු කරන පිරිස, ඒ පුද්ගලයාගේ ජීවන පුරුදු වගේ සාධක..එකම පවුලේ දෙදෙනෙකු වුනත් හරිම වෙනස් එකම සිදුවීමට මුහුණ දෙන විදිහ.. ඒ තමයි මිනිස් ස්වාභාවය..

උදව්වක් ද ණයක් ද ......

කෙනෙකුට උදව්වක් කලාම ආපහු බලාපොරොත්තු තියා ගන්න එපා තමන්ටත් උදව් කරයි කියා...  කෙනෙකුට ණයක් දුන්නාම මතක තියා ගන්න ආපහු ඒ ණය ඉල්ලන්න  බලාපොරොත්තු තියා ගත්තට කමක් නැ.. හැබැයි බොල් ණය ගැනත් මතක තියා ගන්න..

ඉතින් කෙනෙක් එක්ක ඔබේ තියන සම්බන්ධතාවයේ ස්වාභාවය සහ ඒ කෙනාගේ ස්වාභාවය අනූව මේ උදව්වක් ද ණයක් ද කියන එක ගැන  හරියට පැහැදිලි කරගෙන ඉදිරියට යන තරමට ජීවිතය පහසු වෙවී ආදරය කියන වචනය එක්ක පටලගන්නේ නැතුව...

Thursday, September 28, 2017

නිදහසේ පියාඹන්න අත්හරින්න.....


ඔබ කෙනෙකුට ආදරය කරනවා නම් ඒ කෙනාට නිදහසේ ඉන්න දෙන්න.. ඔබෙන් මිදෙන්න ඔනේ නම් යන්න දෙන්න.. ඒ  වගේ යන්න දෙන්න වෙන වෙලාවක තමන් කල කැපවීම් වලට වන්දි ඉල්ලන්න පුලුවන් කිරලා මැනලා ආදරය කරන අයට විතරමයි...


ඔබේ ඕන එපා කම් කර ගන්න පමණක් කෙනෙක්ව ජිවිතේට ලන් කර ගන්නවට වඩා හොඳයි ඇඟිල්ලේ තරමට ඉදිමෙන එක... දෙදෙනා අතර ඇති වන නොගැලපීම් වලදි හැකිතාක් හිත් නොරිදවාගෙන විසඳුම් වලට යන්නත් පුලුවන් නම් ආදරය නොනැසී පවතිවී දෙදෙනා එක ලඟ නැති වුනත්...

Wednesday, September 27, 2017

ඉවසීමෙන් සැනසීම ලැබේ (ද ) ...............

සංස්කෘතිය සදාචාරය ආදරය වැනි වදන් වලට මුවා වී ගැහැනු දරුවන් දරා ගැනිමට නොහැකි තරම් "තමන්ව යටපත්" කර ගනිමින් අනෙකුත් අය වෙනුවෙන් දහසකුත් කැප කිරිම් කරමින් ද පිරිමි දරුවෙකු තනිව ගැටලුවකට කෙලින් මුහුණ දීමට නොහැකි බොළද ළදරුවන් ලෙසින් හැමදෙයම අතට පයට කර දී "තමන්ව යටපත්" කරමින් තමුන් ලඟ නොමැති පෞර්ශයක් මවා පාමින් ද දෙමාපිය වැඩිහිටියන් විසින් හදා වඩා අවසානයේ ඔවුන් තනිව වැඩිහිටියන් ලෙස සමාජයට මුදා හැරීමේදි ඇති වන ඛේදවාචක වලට දරුවන්ට ඇඟිලි දික් කරද්දි තමන්ගේ පැත්තට ඇඟිලි හතරක් දික්ව ඇති බව අමතක වී යන්නේ.. කාගේ අවාසනාවටද මන්දා...
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.